සෞදි ලෙඩෙන් බේරෙන හැටි කියයි


මැදපෙරදිග ස්වසන (කොරෝනා මාර්ස් ) වයිරසය සෞදි අරාබිය ඇතුළු රටවල් කීපයකට පැතිරී යයි.

මෙම වයිරසයෙන් 126 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් ,වයිරසය වැළදී ඇති අයගේ ගණන 468 ක් පමණ වන බවත් වාර්තාවේ.

2003 වසරේ ආසියාවට ව්‍යාප්ත වු  සාර්ස් නමැති මෙයට සමාන රෝගයෙන් 8273 දෙනෙකුට වැළදී 800 දෙනකුට පමණ ජීවිත අහිමිවිය .
මැදපෙරදිග පැතිරෙන කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, උන සාමාන්‍ය සීතල,විඩාව,මහන්සිය,සෙම ගතිය ,වෙව්ලීම,හුස්ම ගැනීමේ අපහසුව සමග ස්වසන පද්ධතිය බලපෑම සහ වකුගඩු ක්‍රියා කාරිත්වය දුර්වල කිරීම  ආදීය වෙයි.

ප්‍රතිශක්ති කරණය හීන වී  මරණය පවා ඇතිවිය හැකිබවත් සදහන් මෙම වයිරසය පැතිරීම වළක්වා ගැනීම සදහා විශේෂ කර්ය පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞදි මාධ්‍ය මගින් දැනුම් දෙයි.

සැහැල්ලු සහ උණුසුම් ආහාර ගැනීම,සුදුලුනු ,දෙහි,ඉඟුරු,ස්වාභාවික පැණි,යෝගට්,ගෙදර සාදන කුකුළුමස් සුප්, තේ,බාර්ලි,ඕට්ස් ,වැනි ආහාර ගැනිම ව්‍යායාම,පිරිසිදු හිරු එළිය  ලබාගැනීම,වේලාසනින් නිදාගැනීම ආදිය පිළිපදින ලෙසද එම ක්‍රියා මාර්ග තම දරුවන්හට කියාදීමෙන් මගින් මෙම රෝගය අවම කරගත හැකිබව ද සෞදි බලධරයෝ කියති.
එසේම  ගෙදරදී කැස්සක් අත්වූ විට භාවිතා කරන කඩදාසි කසල බඳුනට නොදැමීම මිනිසුන් ඉදිරියේ කෙළ ගැසීමෙන් වැළකීම,සැමවිටම උණුවතුරෙන් අත සේදීම,ඒ සදහා මධ්‍යසාර මිශ්‍ර  සබන් දියර පාවිච්චි කිරීම, කට වැසුම් පාවිච්චි කිරීම  මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථාන වල රැදී නොසිටීම  ආදියෙන් මෙම වයිරසයේ අවදානම අවම වන බව පුවත්පත් සදහන් කරයි,විශේෂයෙන්ම  රෝගය වැළදී ඇති අයකු ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ බඩුබාහිරාදිය ද තැබීම තුවා කොට්ට මෙට්ට  භාජන ආදිය වෙන්කැර තබා ගැනීම.ගෙදර බදු මුට්ටු ආදියෙහි මතුපිට පිරිසිදුව තැබීම රෝගය වළක්වා ගැනීමේ ක්‍රම බව වෛද්‍යවරු කියති.