සෞදි රජු 90 දී සමුගනී


සෞදි අරාබියේ මහ රජු අබ්දුල්ලා අද(23) අභාවප්‍රාප්ත විය. 2005 වසරේ සෞදි රාජ්‍යත්වයට පත්වූ අබ්දුල්ලා රජු ලොව බලවත්ම රාජ්‍ය නායකයන් අතර 8 වැන්නා ලෙස ලෝක ප්‍රසිද්ධ ‘ෆෝබ්ස්‘ සඟරාව නම් කර තිබුණි.

ඔහුගේ වත්කම ඩොලර් කෝටි 1800 (රුපියල් කෝටි 63244) ලෙසද සඳහන්ය. බිරියන් 11 දෙනෙක් හා දරුවන් 16 ක් ඔහුට සිටී. මිය යන විට 90 හැවිරිදි වියේ පසුවූ අබ්දුල්ලා රජුගෙන් පසු ඔහුගේ සොයුරු සල්මන් සෞදි රජු බවට පත්වේ.

සෞදියේ 6 වැනි රජු ලෙස කිරුළු පැළඳ අබ්දුල්ලා රජු 1924 වසරේ අගෝස්තු 1 වැනි දින අබ්දුල්ලාසිස් රජුගේ දසවැනි පුතු ලෙස උපත ලැබීය.

හෘදයාබාධ වැනි රෝගයන්ගෙන් පීඩා විඳිමින් සිටි සෞදි රජු නිව්මෝනියා රෝගය හේතුවෙන් පසුගිය ජනවාරි 2 වැනිදා රෝහල්ගත කළ අතර අද උදෑසන දිවියෙන් සමුගත්තේය.