නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයන්ට මාස හයක් තිස්සේ දෙන ලද පොදු සමා කාලය නොවැම්බර් 04 වැනිදායින් අවසන් කරන බව සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් රජතුමා සෞදි කම්කරු අමාත්‍යංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
සෞදි කම්කරු අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව සැළැසුම් කරන ලද මෙහෙයුමකට අනුව නොවැම්බර 04 වැනිදායින් පසු නීතී විරෝධිව රැදී සිටින සියලු විදේශිකයින් අත්අඩංගුට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීමට තීරණය කැර ඇත.
ඒ අනුව කම්කරු අමාත්‍යංශය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ බලය පවරන ලද නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම් වශයෙන් මහා මාර්ග ආයතන හා අනිකුත් සියලුම ස්ථාන පරීක්ෂාවට ලක් කර ලිපි ලේඛණ නොමැතිව හෝ නීතී විරෝධීව රැදී සිටින සියළු විදේශිකයින් අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් පමුණුවන බවද ඇරැබි නිවුස් ඉංග්‍රීසි ඉංග්‍රීසී පුවත්පත පවසයි.
මිලියන අටකට නොඅඩු නීතී විරෝධී විදේශිකයින් හට තම මව්බිම බලා යාමට හෝ තම රැකියාව නීත්‍යානුකූල කර ගැනීමට මානුෂිය හේතුන් මත සෞදි අරාබියේ රජතුමා විසින් මාස හයක කාලයකට යටත්ව පොදු සමා කාලය ලබා දී ඇති අතර විදේශිකයන්ගෙන් අති බහුතරයක් මේ වන විටත් තම මව් රටවල් බලා ගොස් ඇතැයිද පුවත්පත සඳහන් කරයි.
කෙසේ වුවද මෙම පොදු සමා කාලය මගින් නීතී විරෝධි විදේශිකයින් සෞදියෙන් පිටත් වීමේ හේතු මත රැකියා වෙළද පොළ තුල විශාල රැකියා අතිරික්තයක් ඇති වීමේ හේතු මත සෞදියේ පුරවැසියන් සදහා විශාල ලෙස රැකියා ලබා ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත.

