සෞදි ජාතිකයා ලොකු පිනක් කරයි
මිල අඩු ටිකට් මගින් කොලඹ බලා එමින් සිටි ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ කුසගින්න නිවීමට නිර්නාමික සෞදි ජාතිකයකු ඉදිරිපත් වූ බව සෞදි පුවත්පත් කියයි.
කෑමක් බීමක් නැතිව එම පිරිස පැය ගණනක් බහරේන් ගුවන් තොටේ සිටියහ. බහරේන්හි රැකියා නියෝජිතයා ඔවුන්ගේ කෑම බීම සපයනු ඇතැයි කොළඹ නියෝජිතයා දන්වා තුබූ නමුත් ඔහු පැත්ත පළාතකට පැමිණ නැත. තම වියදමෙන් ඔවුන්ට සංග්‍රහ කළ සෞදි ජාතිකයා කීවේ බහරේන් නියෝජිතයා කළ වැඩේ වැරදි බවයි. රමණි නම් ගෘහ සේවිකාව පැවසූයේ තමාට ලොකු බඩගින්නක් ඇතිවුවත් වතුර බෝතලයක් මිලට ගැනීමටවත් මුදල් නොතිබූ බවයි. කුසගින්න නිවූ සෞදි ජාතිකයාට ඇයද සෙස්සෝද පින් දුන්හ.

