සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රජය අතර අවබෝධතා ගිවිසුමක් ලබන ජනවාරි මාසයේ දී අත්සන් කෙරෙන බව විදේශ සේවා නියුක්ති කර්යංශය කියයි.
දිගු කලක සිට සෞදි අරාබියට ලාංකික ශ්‍රමිකයන් රැකියා සදහා පිටත්ව ගිය ද, මෙවැනි අවබෝධතා ගිවිසුමක් නොපැවතීම නිසා මෙවැනි නව ගිවිසුමක් ඇති කර ගත් බව කාර්යංශය කියයි.
ඉකුත්දා කොළඹ දී සෞදි අරාබිය ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් පැවති විගමනික ගෘහස්ථ කාන්තා ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවත හෙවත් ආසියා-ගල්ෆ් සංසදයේ දී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙම කාරණය පිළිබඳ සෞදි අරාබියේ නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයාගේ අවධානයට ද යොමු කර ඇත.
මේ ගිවිසුම නිසා ගෘහ සේවිකාවන් ලෙස එරටට යන ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.