සෞදි ගිය 19ක් හිර කැරගෙන
සෞදි අරාබියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 19 දෙනකු ගොඩනැගිල්ලක බලහත්කාරයෙන් රඳවා සිටින බවට වාර්තා වී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මෙරට පෞද්ගලික රැකියා එජන්සියක් මාර්ගයෙන් ඉකුත් 15 වැනි දාගිය මේ පිරිසට ආහාර හා පානීය ජලය ද ලැබී නැතැයි වාර්තාවෙයි. රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යලායට මේ ගැන තොරතුරු ලැබී ඇත.

