සෞඛ්‍යයේ අවසර පත්‍රයෙන් කුඩු විකුණලා


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංචරණ සීමා පවතින කාල කාලසීමාව තුළදී අලෙවිය සඳහා රැගෙන යාමට සන්තකයේ තබාගෙන තිබූ කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යය සමග කොළඹ සොයිසා කාන්තා රෝහලේ සුළු සේවකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.

කේරල ගංජා අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් අනුව රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

පසුව මෙම පුද්ගලයින් දෙදෙනා පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ එකක් සහ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් සියයක් ,භාරයට ගත් බව පොලිසිය කියයි .

පසුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වූයේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් රාජගිරිය අවට ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවත් එසේම රෝහලේ සේවකයින්ටද සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවයි .

ඒ අනුව සෞඛ්‍යය සේවකයින්ට අත්‍යවශ්‍ය සේවා සඳහා මාර්ගය ගමන් කිරීමට අවසරය ලබා දී තිබියදී සැකකරු එය අවභාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්ද යන්න විමර්ශනය කරන බව පොලීසිය පැවසී ය .