සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සියලු විභාග කල්දමයි


සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.   

රට තුළ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්තිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එම විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව ද ඒ.එල් බස්නායක  මහතා වැඩිදුරටත් පැවසීය.