සෞඛ්‍ය සේවා කාර්යාලයකට අයත් වෑන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කරලා


(නිමල් ජයරත්න)

පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් වෑන් රථයකින් මත්පැන් බෝතලයක් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි රියදුරු හිගුරක්ගොඩ කාලිංගඇල ප‍්‍රදේශයේදී අද (14) වැනිදා අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව පොලිසිය පැවසීය.

මෙම වෑන් රථයේ තිබි මිලි ලීටර් 180 ප‍්‍රමාණයේ බෝතල් 125 ක් සහ රියදුරුට මෙම මත්පැන් බෝතල් තොගය ප‍්‍රවාහනයට භාරදුන් පුද්ගලයාද ඒ සමඟ අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව පොලිසිය සඳහන් කළේය.

වෑන් රථයේ  රියදුරු අද උදැසන සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවකයින් පිරිසක් හිගුරක්ගොඩ රෝහලට ප‍්‍රවාහනය කර නැවත පැමිණ මෙම අරක්කු තොගය ප‍්‍රවාහනය කිරීමට ගොස් ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , වෑන් රථය සහ අරක්කු බෝතල් 125  පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (15) වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.