
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සෞඛ්‍ය මානව සම්පතට තිබූ බොහොමයක් දීමනා මෙවර අයවැයෙන් කප්පාදු කර ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එදා වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් ඇවිත් ඒ පිළිබඳව සාකච්ඡා කළ විට ඔබේ ආණ්ඩුව පොරොන්දු වුණේ මේ අයවැයට ඒක ඉදිරිපත් කරන බවටයි.හැබැයි මේ අයවැයේදී වත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත පිළිබඳව ඔබේ අවධානය යොමු වී නැහැ
.අපේ ආණ්ඩුවල තිබෙන ලොකුම ගැටලුව වන්නේ යටිතල පහසුකම් පිළිබඳව බොහෝ විට කතා කරනවා.ගොඩනැගිලි ගැන කතා කරනවා.හැබැයි ආයතන වල අමාත්‍යංශ වල රාජ්‍ය සේවයේ,මානව සම්පත පිළිබඳව කතා කරන්නේ නැහැ.යුද්ධය පැවති කාලයේ පවා වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජීවිතය කැප කරමින් කටයුතු කළා.කොරෝනා වසංගතයේදී පී.එච්.අයි මහත්තයා දක්වා තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා පැය විසි හතරේම වැඩ කළා.එන්නත්කරණය පටන් ගත්ත වෙලාවෙත් එහෙමයි.ආර්ථිකය අර්බුදය අවස්ථාවේදීත් ඉල්ලීම් බොහොමයක් ඔවුන් පිටුපසට ගත්තා.
ඉතිරි කරපු ට්‍රිලියනයක ගිණුමක් තිබෙන බව ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා. තව බිලියන 150 ක් වැට් බද්දෙන් අය කර ගන්නවා.මුදල් ඕන තරම් තියෙනවා නම් අත්‍යවශ්‍ය සේවාව සපයන මානව සම්පත ආරක්ෂා කරගන්න රජයට වැඩපිළිවෙලක් නැත්තේ ඇයි? යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

