සෞඛ්‍ය නිල ඇඳුම් දෙකක් වෙනස් කරන්න යෝජනා ඉල්ලයි


පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇතැයි එම අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී ඇතැයි කියති.
මේ වනවිටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය විසින් සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී ඇති බවත් නවීන කාලයට උචිත අයුරින් නිල ඇදුම වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.
නිල ඇඳුම වෙනස් කිරිම පිළිබදව වෘත්තීය සමිති යෝජනා ලැබුන පසු යළි සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.