සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපොළ වැඩකටයුතු ඇරැඹිමට යයි


 ( තිලිණි ද සිල්වා ) 
 
සෞඛ්‍ය  නිර්දේශවලට යටත්ව  කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය . 

කොරෝනා  වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට රජය අපෙක්ෂා කරන බවද ගුවන් සේවා අමාත්‍යවරයා කීය.
 
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 
 
කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්වසාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන්සේවා  ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.
 
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සටුවීම සදහා වන සැලසුම් පිලිබදව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පැහැදිලි කලාය. ඇය පෙන්වා දුන්නේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි. සංචාරක හෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය.
 
මෙහිදී අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවය.ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය. 
 
ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර්ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය. ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් හෙතෙම අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් හමුවේ පැවසීය .