
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කුලී පදනම මත ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල නව ගොඩනැගිලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කාසල් වීදිය කාන්තා ශික්ෂණ රෝහලට යාබදව ඉදිකරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය පරීක්ෂාවට ලක් කිරීමට සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කාර්යාල රැසක් කුලී පදනමින් ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, එම ගොඩනැගින්ලේ බදු කාලය තවදුරටත් ඉදිරි වර්ෂ සදහා දීර්ඝ නොකරන ලෙසටත්, නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කර එම කාර්යාල සියල්ල නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2016 වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් නැවතී පැවති අතර වර්තමානය වන විට රජයේ අරමුදල් යොදවා එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.


