සෞඛ්‍ය අංශයේ තවත් පිරිසක් ලෙඩක් දායි


(යොහාන් භාසුර)

හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම් ඇති කිරීම හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ලබන සදුදා (5 වැනිදා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණව සිටියේය.

අදාල අමාත්‍ය මණඩල පත්‍රිකා නිවැරදි කරන තුරු නැවත සේවාවන් වෙත වාර්ථා නොකිරීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීයවේදීන්ගේ හා අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඇතැයිද රවි කුමුදේශ් මහතා පැවසීය.