සෝල්හයිම් ලංකාවේ යුද අපරාධ වාර්තාව ගැන පුදුම වෙයි


නෝර්වේජියා හිටපු අමාත්‍ය, පැරිසිය ප්‍රමුඛ සංවර්ධන එකමුතුවේ ආර්ථික සහයෝගිතා හා සංවර්ධන ලේකම් හා ශ්‍රී ලංකාවේ නෝර්වේජියා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් ඔහුගේ අලුත්ම ට්විටර් පණිවිඩයෙන් ශ්‍රී ලංකාව  යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව තමා මවිතයට පත්වන බවයි.

එම වාර්තාව එළැඹෙන සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු කියා ඇත්තේ එම වාර්තාව ස්ථිරවම සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සඳහන් කළ බවයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කීවේ යුද අපරාධ සම්බන්ධ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව මේ මාසයේ නිකුත් කරන බවයි.

මාර්තු මාසයේ පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කෙරිණි.