සෝමාවතියේ හිමිවරු 5ක් ඇතුළු 80 ක් ආරක්ෂිත ස්ථානවලට


(සුජිත් හේවාජුලිගේ සහ ක.ග කරුණාරත්න)

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ  මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීවුවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ඇතුළු   ආරක්ෂක අංශවල 75 දෙනෙක් ආරක්ෂාව සහිතව එහිම රැඳී සිටිති.
මේ හේතුවෙන් සෝමාවතිය  පුදබිම වන්දනාමාන කිරීම  සාමාන්‍ය ජනතාවට තාවකාලිකව අහිමිව ඇත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම කටයුතු එහිගොස්  පෞද්ගලිකවම අධීක්ෂණය කළේය.

විහාරස්ථානයේ සඟරුවන  පිළියෙළ කෙරුණු බුද්ධ පූජාව ඔරු යොදවා ප්‍රවාහනය කර සෑ රදුන්ට පූජා කිරීම නිරන්තරයෙන් ම සිදු කරති.

ගංවතුරෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය, අරලගංවිල මාර්ගය සහ  සෝමාවතියට ප්‍රවේශ වන සියලු මාර්ග  සම්පූර්ණයෙන්ම ජලය යටවී ඇත. සෝමවතිය ප්‍රදේශය අඩි අටක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලිසිය පවසයි.