සෝමාවතිය වනය වැනසූ හතරකට දඩ


(ක.ග කරුණාරත්න)

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි වටිනා දැව විනාශ කරමින් සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනකුට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා අද(01) නියෝග කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් අදාළ චෝදනාවලට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම කෙරිණි.