සෝමාලියානු ධීවරයෝ බේරා ගැනෙති


අමල් වික්‍රමරත්න
 
ජාත්‍යන්තර මුහුදේ ඉන්ධන අවසන්වීම නිසා පාවෙමින්තිබු සෝමාලියානු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිස නාවික හමුදාවේ නන්දිමිත්‍ර නෞකාවෙන් බේරාගෙන   නිරුපද්‍රිතව ගෙන ඒමට සමත්වී ඇතැයි වාර්තාවේ.

 
ඉකුත් මැයිමස 4 වැනි දින සෝමාලියාවේ මොගදිසු වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති මෙම අඩි 15 වක් පමණ දිගැති යාත්‍රාවේ හිමිකරු ඇතුළු තිදෙනෙකු ගමන්කර තිබේ.
 
යාත්‍රාව ගමන්මග වැරදීමකින් හෝ කිසියම් සිද්ධියකින් ඉන්ධන අවසන් වීම නිසා දින 60 කට ආසන්න කාලයක් මුහුදේ අතරම්න්වී පාවෙමින් තිබී ඇත.  පසුව ලාංකික ධීවර යාත්‍රාවක් වූ නවීනා 4  ට්‍රෝලර් යාත්‍රාවට අතරමංවූ  ධීවර පිරිස හමුවී මෙන් අනතුරුව නාවික හමුදාවට දැනුම් ධී තිබේ.   
 
පසුව නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර 701  නෞකාවෙන් මුහුදු සැතපුම්120 පමණ ඈතින් යාත්‍රා කරමින් තිබූ නවීනා 4 ට්‍රෝලර් යාත්‍රාවෙන් පිරිස බේරාගෙන ගාල්ල දක්ෂිණ නාවික කඳවුරට රැගෙන විත් ඇත.
 
සෝමාලියානු ධීවරයන් මේ වනවිට වෛද්‍යපරීක්ෂණයකට භාජනය කරමින් සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍යතත්වය අයහපත් නැතැයිද වාර්තාවේ. ධීවරයන් තිදෙනා ගෙන්  යාත්‍රාව හිමිකරු 35 හැවිරිදි වන අතර අනෙක් ධීවරයන් දෙදෙනා වයස අවුරුදු 18,සහ 16 වියේ පසුවන්නන් බවද වාර්තාවේ.