සෝමවංශත් පෙරමුණක් හදයි


ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට වෙනම පෙරමුණක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක හා ජනතා සේවක පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ලංකාදීප එසැණට පැවසීය.

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති කිහිපයක් ඒකරාශී කරගනිමින් මෙම පෙරමුණ ගොඩනගන බව ද සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කළේය.

නව පෙරමුණක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා ලබන මස මුල සිට ආරම්භ කරන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති 21ක එකමුතුවක් වන ශ්‍රී ලංකා ප‍්‍රගතිශීලී ජාතික පෙරමුණ සමග මෙහි පළමු සාකච්ඡාව පැවැත්වීමට බලාපොරොත්තු වන බවද කුමන නමකින් මෙම පෙරමුණ තරග කරන්නේ ද යන්න ඉදිරියේ දී සාකච්ඡා කර තීරණය කරන බව ද සෝමවංශ අමරසිංහ මහතා කීවේය.