සෝමවංශගේ නව පක්ෂය සෙනසුරාදා වැඩ අරඹයි


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවන නව පක්ෂයේ පළමු දේශපාලන සමුළුව සෙනසුරාදා (27) කොළඹදී පැවැත්වීමට නියමිත බව ඒ මහතා කියයි.

එදින සමුළුව සැසිවාර දෙකකින් යුක්ත වන බවත් පළමු සැසිය මහජනයාට විවෘත වන අතර දෙවැනි සැසිය පක්ෂ සාමාජිකයන්ට හා එහි ක්‍රියාකාරකම්වලට සීමාකර ඇත. එහිදී පක්ෂයේ නායකයින් තෝරාගැනීමට නියමිත බවත් පක්ෂයේ නම සැසිය අවසානයේ මාධ්‍යයට ප්‍රකාශ කරන බවත් අමරසිංහ මහතා පැවසීය.