මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය තීරණය කර ඇත.
මෙවර මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් ඉදිරිපත්වීමට සිය පක්ෂය සූදානම්ව සිටි බවත් ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ විවිධ බලවේග එක්ව එම පෙරමුණ කඩාකප්පල් කළ බවත් ජනතා සේවක පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්දික පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.

