සෝපාන හාද්දට හිරේ


කොළඹ තරු පහේ හෝටලයක විදුලි සෝපනයේ දී කතක සිප ගත් අයකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වසරක සිර දඬුවමක් ද රුපියල් 1500ක දඩයක් ද රුපියල් 75000ක වන්දියක් ද ගෙවන ලෙස ද නියම කළාය. වත්තල ආර්.ජී.එල්. දිලූම් රාජපක්ෂ නම් විත්තිකරු නොමැතිව නඩුව විභාග විය. සහෝදරියගේ මංගලෝත්සවයට ආ අවස්ථාවේ ඇය මේ අතවරයට ලක්වූවාය.  විත්තිකරු මුලදි උසාවි ආ නමුත් පසුව මඟ හැරියේය.