(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව සහ මාලබේ පොලිස් පොලිස් වසම් වල නිවාස දෙකක් බිද රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සොරාගත් හිටපු විශේෂ කාර්ය බලකා සෙබලෙකු අද (09) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි (36) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
කොට්ටාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ මැණික් ගල් තොගයක් සොරාගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාශය මගින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප බුද්ධික චතුරංග මහතාට ලද තොරතුරක් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා දැනුවත් කොට ලබාදුන් උපදෙස් මත කොට්ටාව පස්මන් හන්දිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර මොහු අත්අඩගුවට ගෙන තිබිණි.

