සේවා 25ක වැටුප් විෂමතා විසඳීමට නව වැටුප් හා සේවා කොමිසමක්


(ඩයනා උදයංගනී)

දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන 25ක පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැටුප් හා සේවා කොමිසමක් පත්කිරීම මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.

සේවා 25ක වැටුප් විෂමතා තිබියදී එක් සේවාවක ගැටලූව පමණක් විසඳීමෙන් සෙසු සේවාවන්හි ද ගැටලූ මතුවිය හැකි බැවින් මෙම කොමිසම පත්කර සියල්ලෙහි ගැටලූ විසඳීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා එම යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ඇමැතිවරයා කීවේය.

එම වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන 2019 අයවැයෙන් වෙන් කළ හැකි බව ද මුදල් අමාත්‍යවරයා පැවසූ බව මහින්ද සමරසිංහ මහතා කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.