සේවකයන් පාලනය අතට ගැනීමෙන් හැටන් ඩිපෝවේ ⁣දෛනික ආදායම ලක්ෂ 7 කින් බහී


(හැටන් රංජිත් රාජපක්‍ෂ)

හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි ආදායම පහත වැටී ඇති බව ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමඟ එම ඩිපෝවේ ඇතැම් සේවකයින් පාලන බලය බලහත්කාරයෙන් තමන් අතට ගැනිම නිසා දිනකට ධාවනය වු බස් ලංගම බස් රථ සීයෙන් අද දින ධාවනය වී ඇත්තේ බස් හතලිහක් පමණි.

රුපියල් ලක්‍ෂ පහළොව වන හැටන් ලංගම දෛනික ආදායම රුපියල් ලක්‍ෂ අට දක්වා පහත වැටි ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංගම ගම්පොළ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.