සේවක අර්ථසාධක අරමුදල් ගෙවන්න කෝටි 341 ක් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් සඳහා රජයේ වතු සමාගම් තුනකට රුපියල් කෝටි 341 ක පමණ මුදලක් ලබා දෙන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලින් වියදම් පියවා ගැනීම සඳහා මෙම මුදල ඉල්ලා තිබේ.

ඒ සඳහා අනුමැතිය ඉල්ලා වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය වැවිලි සංස්ථාව සඳහා රුපියල් කෝටි 100 ක් ද, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සදහා රුපියල් කෝටි 202 ක් ද, ඇල්කඩුව වැවිලි සමාගම සඳහා රුපියල් කෝටි 39ක මුදලක් ද වශයෙන් මෙම මුදල් ඉල්ලා ඇත.