සේලයින් බටේ කෙස් ගහක්?


හොරණ රෝහලේ අංක හතර වාට්ටුවේ රෝගී කාන්තාවකට සේලයින් දීමට සූදානම් කළ සේලයින් බටයක කෙස් ගසක් වැනි කළු පැහැ ආගන්තුක ද්‍රව්‍යයක් තිබුණේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් ඇරැඹිණි.

හොරණ රෝහල් වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

කණ්ඩායම් කිහිපයක් මේ පරීක්ෂණයට රෝහලට ආහ.