සේරුවිල පලතුරු පූජාවට දොස් නඟන්නන්ට පිළිතුරු


මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ සදහම් වැඩසටහන් සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.

ඤාණානන්ද හිමියන් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත්වූ අවසන් සදහම් වැඩසටහන සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් එක්වූහ.

එහිදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවේදී සැදැහැවතුන් කිහිපදෙනෙකුම මහමෙව්නා අසපුව විසින් සංවිධානය කළ සේරුවාවිල පළතුරු පූජාව පිළිබඳව කළ විමසීමකට පිළිතුරුදුන් ඤාණානන්ද හිමියන් පැවසුවේ එම පුජාව සඳහා යොදාගත් කිසිදු පළතුරක් හෝ මලක් මිලදී නොගත් බවයි. එලෙසම වෙරළු ගෙඩියක් තරම් වත් කිසිදු පළතුරක් නිකරුනේ නාස්ති නොකළ" බවද උන්වහන්සේ පැවසුහ.

මෙම පිංකමට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව පුරාම විවිධ ගම් පළාත්වල සිට පැමිණි පින්වතුන් විසින් රැගෙන ආවේ ඔවුන්ගේ වතු පිටිවල හටගත් පළතුරු පමණක් බව පැවසු උන්වහන්සේ පිංකම අවසානයේදී දන්සැලක් පවත්වා සියලුම පළතුරු අවට ගම්වාසින් සහ පින්කමට සහභාගිවූ පින්වතුන් අතර බෙදාදුන් බවද එකදු පලතුරක්හෝ අපතේ නොයැවූ බවද පැවසුහ.

තමන් වහන්සේ මහණදම් පිරිම ආරම්භකළේද මෙම පින්බිමෙහි බව උන්වහන්සේ සිහිපත් කළහ. 

බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල චෛත්‍ය රාජයාණන් වෙත මෙවන් පුජාවක් සිදුකිරීම තුලින් විශාල පුණ්‍ය සම්භාරයක් රැස්කර ගැනීමටද අවස්ථාවක් උදාවූ බවද උන්වහන්සේ පැවසුහ.

භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන මොනම පුජාවකටවත් " ගැරහීමක්" නොකළයුතු බවද " කිසිවෙකුටත් උපකාරයක් නැති අනවශ්‍ය දේ පැවසීමෙන් පව් පුරවා නොගන්නා ලෙසද" උන්වහන්සේ සිහිපත් කර දුන්හ.

ඤානානන්ද හිමියෝ මෙම මස 23 වනදින තෙක් ලන්ඩන් නුවර මහමෙවුනා අසපු 4 පැවැත්වෙන දහම් වැඩසටහන් සමඟ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගී වෙති.

19 වැනි දින උදැසන 9.30 සිට ස්ටැන්මෝර් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන සඳහා ඒ හිමියෝ එක්වෙති.

මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් ජුනි මස 20 වන දින පවත්වන පින්කමේ දී සවස 4 සිට 6 දක්වා ඤාණානන්ද හිමියෝ ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිත ය. එය එසෙක්ස් ප්‍රාන්තයේ පර්ෆ්ලීට්හි සුවිසල් බ්ලැක් ස්ටේජ් මධ්‍යස්ථානයේ පැවැත්වේ.

එදින උදැසන 9 ට ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු භුමියේ අභිනවයෙන් ඉදිකර ඇති කුටි සෙනසුන්, ඤාණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිව්දිගින් වැඩම කරන්නා වූ මහා සංඝයාවහන්සේ වෙත පුජා කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්වෙයි.

උන්වහන්සේ ආපසු ශ්‍රී ලංකාවට වැඩම කරවන ජුනි 23 වනදින උදෑසන 9.30 සිට අක්ස්බ්‍රිජ් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගී වීමට ද නියමිත ය.

TORONTO1A TORONTO2 TORONTO3 TORONTO4 TORONTO5 TORONTO7