සේරුනුවර තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ බෝට්ටු 35 කට ගිනි තියයි


අමදෝරු අමරජීව
 
සේරුනුවර පොලිස් වසමට අයත් නීලපොල පිහිටි තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ වැලි ගොඩ දැමීම සඳහා භාවිතා කළ බෝට්ටු 35කට අද (7) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.


අයිතිකරුවන් 26 දෙනෙකු සතු මෙම බෝට්ටු තිට්ටන් තෙට්ටි තොටුපලේ ගැට ගසා තිබියදී පෙට්ට්‍රල් හා ටයර් දමා ගිනි තබා තිබේ. 


ගින්නෙන් හානිවූ බෝට්ටු යළි  භාවිතයට ගත නොහැකි මට්ටමට විනාශ වී ඇතැයි බෝට්ටු අයිතිකරුවෝ පවසති. 


මෙම වැලි ගොඩ සම්බන්ධයෙන් එරෙහිව කටයුතු කරන සහ මෙයට අරගල කරන පිරිසක් මෙම සිද්ධියට සැකකරන බව බෝට්ටු අයිතිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.