සේයාගේ පියාත් කැමැත්තෙන්ම ඩීඑන්ඒ පරීක්ෂණයට


කොටෙදනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ පියා ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට බඳුන් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද (08) නියෝග කළේය.

රහස් පොලිසිය මෝසමක් මගින් නඩුව කැඳවා විමර්ශන සඳහා පියාගේ ඩීඑන්නේ පරීක්ෂා කළ යුතු බවත්, ඒ සඳහා නියෝගයක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

සේයාගේ පියා ද අධිකරණයේ පෙනී සිටි අතර තමාගේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීමට ඔහු කැමැත්ත පළ කළේය.