කොටදෙණියාව 5 හැවිරිදි සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාරදී ඇතැයි පොලිස්පති පවසයි.
ඇගේ ඝාතකයා සෙවීමට ඩී.එන්.ඒ පරීක්ෂණයක්ද සිදු කළ අතර පොලිසිය ඇගේ සමීප හිතවතුන් කෙරෙහි වැඩි සැකයක් පවතින බව ප්‍රකාශ කළේය. මේ අනුව ඉතා ඉක්මනින් ඝාතකයා අත් අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
මේ අතර දැරියගේ අවසන් කටයුතු සිදු කෙරෙුණු අඟහරුවාදා සවස ඝාතකයා වහාම අත් අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ගම්වැසියෝ පිරිසක් ඇගේ නිවස වට කර සිටියහ.

