සේප්පුව කැපීමට ගිය අධිකරණ ආරක්ෂකයා රිමාන්ඩ්



 
ඩී.ජී.සුගතපාල    

                                         
උණවටුනේ පිහිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ අංගනයේ තිබු සේප්පුවක් කපා සොරකම් කිරිමට තැත් කිරිමේ දී අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ අංගනයේ අධිකරණ ආරක්ෂකයා 13 වැනි දා දක්වා රිමාන්ඩ්  කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.


මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ සසික ලවන් උබේසිරි ජයවර්ධන නමැති අධිකරණ ආරක්ෂකයෙකි.


රජයේ දේපලවලට අනර්ථය සිදු කිරිම ,සොරකම් කිරිමට තැත් කිරිම යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත.


පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක මත හබරාදුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට යනවිට එහි සිටි පිරිසක් සේප්පුව සහ එය කැපීමට ගෙන එන ලද උපකරණ ද අතහැර දමා පළා ගොස් ඇත.


පසුව මොහු බීමත්ව එහි සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සොරුන් විසින් අතහැර දමාගොස් තිබු සේප්පුව කැපීමට ගෙන එන ලද උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.
 

ඡායාරූප - රවී ලියනගේ