සේනා මර්දනයට මුදල් වෙන්කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්


(නාලක සංජීව දහනායක)
 
සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇත.
 
මෙම දළඹුවා මර්ධනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා තමන්ට ලිඛිතව දැනුම්දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා  කෘෂිකර්ම අමාත්‍ය පීහැරිසන් මහතාට දැනුම් දී තිබේ.
 
සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා  මේ වනවිට රසායනික ද්‍රව්‍ය පහක් හඳුන්වා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒවා ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට භාවිත කළ යුතුයැයිද කීය.