දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක් නැති නළු නිළියන්ට, මාධ්‍යවේදීන්ට නාමයෝජනා දෙනවාට තමන් විරුද්ධ බව හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
කොළ නිල් රතු කණ්ණාඩිවලින් පමණක් නොබලා කුමන පක්ෂයක වුවත් වංචා දූෂණයෙන් තොර බුද්ධිමත් අයට මනාප ලබාදීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනයද වැඩි කළ යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මනාප තුනෙන් එකක් දක්ෂ උගත් තරුණයන්ට ලබාදීමට සියලූදෙනා ක්‍රියා කළ යුතු බව ද සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘මනාප තුනෙන් එකක් තරුණයින්ට‘ යන තේමාව යටතේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලංකා තරුණ සංවිධාන ජාලය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා මහත්වරු ද ඊට එක්ව සිටියහ.





