පසුගිය මැතිවරණ සමයේ හෝමාගම හබරකඩ දී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනා හතක් යටතේ අතුරුගිරිය පොලිසියෙන් හෝමාගම උසාවියේ ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද තෙවැනි දිනටත් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ ඉල්ලීම නොපිළිගත් මහේස්ත්‍රාත් ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
ඔහු සමග චෝදනා ලබා සිටි අනෙක් සැකකරු රුපියල් දෙලක්ෂයක ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් වයි ආර් නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.

