සෙවනගලට අතුරු තහනමකින් සෙවණ පතයි


පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ සෙවනගල සීනි සමාගමේ දේපොළ හා වත්කම් පවරා ගැනීමට නිසි බලධරයකු පත් කිරීම වැළැක්වීමේ අතුරු තහනමක් පනවන්නැයි එහි හිමිකරු දයාගමගේ මහතා අභියාචානාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කෙළේය. පාර්ලිමේන්තුවෙන් පසුගියදා සම්මත කළ පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ තම ව්‍යාපාරය තමාට අහිමි කිරීමේ උත්සාහයක් ඇතැයි කියන ඔහු අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනු කර තිබේ. 2002 දී පාඩු ලබන ආයතනයක් වූ සෙවනගල සීනි සමාගම මිලට ගෙන ලාබ ලබන ආයතනයක් බවට පත්කළ බවද පෙත්සමේ සඳහන් වේ.