සෙවනගල වාහන 32කට දයා සමාගමේ සෙවන දීලා
පාඩු ලබන ව්‍යාපාර රජයට ගැනීම සඳහා වන පනත සම්මත වීමෙන් පසුව සෙවනගල සීනි සමාගම සතු වාහන තිස් දෙකක් දයා ගමගේ ව්‍යාපාරයට මාරු කැර ඇතැයි සංධාන මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිම්න්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. මේ ක‍්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තුව හෑල්ලවට ලක් කිරීමක් නිසා පරීක්ෂණයක් කරන්නැයි ද හේ ඉල්ලීය. පනතක් සම්මත වුවත් කතානායක අත්සන තබන තුරු එය නීතිගත නොවෙතියි වැඩ බලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා කීවේය.

