සෙල්ලම් පිස්තෝලෙනුත් වැඩ පෙන්නලා


පුත්තලම ,මාරවිල, හලාවත මීගමුව ,ගොකරැල්ල ආදී ප්‍රදේශයන්හි  කොල්ලකෑම් රැසකට හවුල් බව කියන තිදෙනකු  පෑන් පිස්තෝලක්  සෙල්ලම් පිස්තෝලයක් හා තවත් අවියක් සමග අත්අඩංගුවට ගත් බව මූන්දලම පොලීසිය කියයි.

ගොකරැල්ලේ විසි ලක්ෂයේ කොල්ලයටද හවුල් බව කියන මෙම පිරිසේ නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු හතක්ද නිකුත් කැර ඇතැයි කියති.

ඔවුන්  කොල්ලකෑම් විස්සකට පමණ හවුල් යැයි තොරතුරු ලැබී ඇත.