(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම සෙල්ලන්කන්දල් වනරක්ෂිතයේ ඇතා අද (14 වැනිදා) පෙරවරුවේදී පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී විදුලිය වැටෙන් පැන මාර්ගයට පැමිණ ඇත.
මේ පිළිබද අප පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.එම්.එස්. චන්ද්‍රරත්න මහතා ගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඇතුන් සිය දළ උපයෝගිකර ගෙන විදුලිය වැටවල් කඩන බවයි.
රක්ෂිතයෙන් පිටතට විත් සිටින ඇතාව නැවත රක්ෂිතයට පළවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩයමක් යෙදවා ඇත.



