සෙල්ලකතරගම කඩ අවුල විසැඳේ


සෙල්ලකතරගම කඩහිමියන් පිරිසක් හා නාගරික සංවර්ධන අධිකාරිය අතර පැවැති කඩ බදු ආරවුල ඌව මහා ඇමැති සහ කතරගම බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් අද සමථයකට පත් විය. හිඟ වාරික වලින් කොටසක් ගෙවීමට කඩ හිමියන් එකඟවූ අතර ණය ගෙවිමේ කාලය දීර්ඝ කිරීමට අධිකාරිය එකඟවිය.