සෙයිද් කුමරු නත්තලට පෙර ලංකාවේ


ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට  ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය පිළිගැන්වූ  බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

සෙයිද් අල් හුසේන් කුමරුන්   දෙසැම්බර් මාසයට පෙර දිවයිනට පැමිණෙනු ඇතැයි ද අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේය‍.

තමා ඉකුත් 14 වැනි දා ඇරඹී මානව හිමිකම් කවුන්සිල සැසියට සහභාගී වීමට ප‍්‍රථමයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි වන ආරාධනය බාර දුන් බවත්, එය මහ කොමසාරිස්වරයා ඉතාම සුහදශීලී ලෙස පිළිගත් බවත් හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ  සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් පිළීබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට නිල සංචාරයක නිරත වීමට අවධානය යොමු ව ඇතැයි ජීනීවා ආරංචි මාර්ග මීට පෙර සඳහන් කළේය.