රුපියල් 27 ලක්ෂයක හොරනෝට්ටු සමග බෙරගල බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු (30) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණයෙන් කළ මේ මෙහෙයුමේ දී රුපියල් 5000 හොර නොට්ටු 520ක්, දහසේ හොර නෝට්ටු 10ක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
21/ආර් 392082 හා 37 ආර් 686138 අංක සහිත රුපියල් පන්දහසේ හා දහසේ නෝට්ටු හමුවුවහොත් ළගම ඇති පොලිස් ස්ථානයට බාර දෙන්නැයි පොලිසිය ඉල්ලයි.

