සිරාජ් හසීම්
ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණගැස්වූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි භවානි රගුනාත් මහත්මිය කිසිදු හේතුවක් මත හෝ වෙනත් පාසලකට ස්ථාන මාරුකර නොයවන බව ඌව පළාත් වතු යටිතල පහසුකම් සහ දෙමළ අධ්‍යාපන කටයුතු බාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.
මෙකී සිද්ධියට අදාල විමර්ශන මේ වන විටත් ආරම්බ කර තිබෙන බවත් මෙම විමර්ශනවලින් කුමන දේ සිදුවුවත් මැයව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙසින්ම තබා ගන්නා බවට දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා සහතික වන බැව්ද හෙතෙම කීය.
අභිනවයෙන් දිවුරුම් දුන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සදහන් කලේය.
තවද මෙම විදුහල්පතිනිය ඉහළම සුදුසුකම් ඇති විදුහල්පතිවරියක බවද අමාත්‍යවරයා සදහන් කලේය.

