වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
රාජ්‍ය සේවා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාව අපොහොසත් විය. එම නිසා රජයේ කටයුතු සහ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම තවදුරටත් කල් දැමීමට සිදුව තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මේ සතිය ආරම්භ වන්නේද රජයේ කටයුතු සහ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා අකර්මන්‍ය වී තිබෙන මොහොතකය. රජයේ කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති අන්තයේදී විශේෂ සෙනට් සභා වාරයක් කැඳවා තිබිණි .
එහිදි රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය දීර්ඝ සාකච්ඡාවල නිරත වුවද එකඟතාවකට පැමිණීමට පක්ෂ දෙක අපොහොසත් වූහ. කෙසේ නමුත් සාකච්ඡ ඵලදායී ලෙස අවසන් වූ බව එම පක්ෂ දෙකම සඳහන් කළහ.
එසේ වුවත් පක්ෂ දෙකටම කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඦ්න්ද විමසීම සඳුදා, අද (22) දක්වා කල්දැමිණි.
055

