කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල දුම්රිය කඩුගන්නාව ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී අද සවස යාන්ත්‍රික දෝෂයකට ලක්වීමෙන් පැය දෙකකටත් අධික කාලයක් දුම්රිය ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඒ හේතුවෙන් මහනුවරට යන හා කොළඹට පැමිණෙන අනෙකුත් දුම්රියද බොහෝ වේලාවක් ප්‍රමාද වීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මගීහු කියති.

