සූරියවැවට මොනෝ රේල්


සූරිය වැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයත් හම්බන්තොටත් යා කරමින් කිලෝමීටර තුනක මොනෝ රේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ලබන වසරේ අරඹන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. මේ ගැන ආයෝජකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරන බවද ඔහු පවසයි. දෙස් විදෙස් වෙළෙන්දන් දහසකට පහසුකම් ඇති රාත‍්‍රී වෙළෙඳ පොළක් පිහිටුවන බව කොළඹ මාතර අධිවේගී මාර්ගයේ වැඩ 2013 දී නිම කරන බවද, 2016 දී හම්බන්තොට ගුවන් තොට දක්වා දීර්ඝකරන බවද, රාජපක්ෂ මහතා සඳහන් කළේය.