(දිලීප් ජයසේකර)
පාසැල් වාර විභාගයේ 10 ශ්‍රේණියට අදාලව අද(24) ලබා දීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්නපත්‍රය සුරියවැව විහාරගල ඉසුරු පාසලේ දී පසුගිය 21වැනිදා ලබා දී ඇතැයි දෙමාපියෝ කියති.
දෙමාපියන් වැඩි දුරටත් පැවසුවේ ඉකුත් 21 වන දින ලබා දිමට නියමිතව තිබු ඉතිහාසය ප්‍රශ්න පත්‍රය වෙනුවට විහාරගල ඉසුරු පාසලේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය ලබා දි ඇති බවත් මේ හේතුව නිසා අනෙකුත් පාසල්වල සිසුන් අතට විභාග දිනයට පෙර ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය ලැබී ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලිමකදි අනාවරණය වුයේ පාසල් වර්ෂ අවසාන විභාගයට අදාලව හම්බන්තොට කලාප කාර්යාලයෙන් පළමුව එක් කාල සටහනක් ලබා දි ඇති අතර පසුව නැවත එම කාල සටහන සංශෝධනය කර නව විභාග කාලසටහනක් පාසල්වලට යවා ඇති බවයි.
ඒ අනුව පළමු කාලසටහනේ 21 වැනිදාට ඉංග්‍රිසි විෂයයත්, 24වැනිදාට ඉතිහාසය විෂයත් පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර නැවත සංශෝධනය කර පාසැල් වෙත යවා තිබු විභාග කාල සටහනේ සඳහන්ව තිබී ඇත්තේ 21වැනිදාට ඉතිහාසය විෂය සහ 24වැනිදාට ඉංග්‍රිසි විෂයයත් ය.
මේ සම්බන්ධයෙන් සුරියවැව විහාරගල ඉසුරු පාසලේ විදුහල්පති පැවසුවේ වාර විභාගයට අදාලව තමන් වෙත ලැබුණු කාල සටහනේ 21වැනිදාට නියමිත විෂය ලෙස සඳහන් වුයේ ඉංග්‍රිසි විෂය බවත් සශෝධිත කාල සටහනක් තමන්ට නොලැබුණු බවත්ය. තමන් මේ සම්බන්ධයෙන් හම්බන්තොට කලාප කාර්යාලය දැනුවත් කර ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.
මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන ලෙස දෙමාපියෝ වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිති.

