සූරිය වැවත් අද උද්ඝෝෂණයක්


මත්තල ගුවන් තොටේ මගී බඩු ගබඩාවක ප්‍රදේශයේ ගොවීන්ගේ වී ගබඩා කිරීම නතර කරන්නැයි ඉල්ලමින් සූරිය වැව නගරයේ කළු කොඩි රැගත් පිරිසක් අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දකුණු පළාත් සභා මන්ත්‍රීන් වන අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, සූරිය වැව ප්‍රාදේශීය සභාපති ජේ ඒ ජනක සහ උප සභාපති සුගත් ගාමිණී මහත්වරු මේ උද්ඝෝෂණයට නායකත්වය දුන්හ.

නගරයේ කඩ සාප්පු වැඩි හරියක් වසා තිබිණි.

කඩ විවෘත කරන ලෙස පොලිසිය කඩ හිමියන්ගෙන් ඉල්ලීමක් කළත් එය පළක් නොවූ බව වාර්තා වේ.