සූරිච් හී අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 12 කට තුවාල


ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත්  බසයක් ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයින් 12 දෙනකු තුවාල ලබා ඇතැයි චැනල් නිවුස් ඒෂියා වාර්තා සඳහන් කරයි. 

අනතුර සිදුවන අවස්ථාවේ 40 දෙනකු ගමන් කර ඇති අතර  සිද්ධියෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.‍

ඉන් 12 දෙනකු ශ්‍රී ලාංකිකයින් බවත්  ඉන් එක් පුද්ගලයකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි ස්වීස් පොලීසිය සඳහන් කරයි.

සංචාරකයින් පිරිසක් රැගත් මෙම බසය  අධිවේගී මාර්ගයේ  යතුරුපැදියක ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරින් බේරා ගැනීමට කළ උත්සාහයකදී  ලොරි රථ දෙකක ගැටීමෙන් අනතුර සිදුවී ඇත. 

ස්විස්ටර්ලන්තයේ සුරිච් හී  අධීවේගී මාර්ග පිවිසුමක දී ඊයේ (19) මෙම අනතුර සිදු වී ඇතැයි  එරට මාධ්‍ය වාර්තා කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් ස්විස් පොලීසිය  පරීක්ෂණ පවත්වයි.