(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බීමතින් රිය පැදවූ බව කියන ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය ලිබර්ටි වටරව්මේදී රාත්‍රී රථවාහන රාජකාරී වල නිරත වී සිටි නිලධාරීන් මෝටර් රථයක් නවතා පරීක්ෂා කර බැලීමේදී එහි රියදුරා බීමතින් සිටින බව පෙනී ගොස් ඇත.
ස්වසන නාල (බැලුන්) පරීක්ෂණයේදී ඔහු බීමතින් සිටින බව තහවුරු වීණැයි කොල්ලුපිටිය පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මොහු ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙක් බවට කරුණු අණාවරණය වී ඇති අතර පොලීසියට ගෙනැවිත් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ලබන මස 15 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් පොලිස් ඇප මත මුදා හැර ඇත.
කොළඹ දකුණු සහකාර පොලිස් අධිකාරී ඊ. එස් දයාරත්න මහතාගේ උපදෙස් මත කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් කුමාරරත්න (10286) මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

